• (+94) 41-2285650
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Henegama K.V.

මාර/හේනේගම කනිෂ්ඨ විද්‍යාලය

අකුරැස්ස කලාපය

  • Register
  • Login
Henegama K.V.

මාර/හේනේගම කනිෂ්ඨ විද්‍යාලය

අකුරැස්ස කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 පාසලේ ඓතිහාසික විකාශනය

            පාසලේ ඉතිහාසය පරික්ෂා කිරීමේදී මූලාශ්‍ර ලෙස ලොග් සටහන් පොත සඳහා හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි.ඒ අනුව 1920 පෙබරවාරි 26 දින ප්‍රථම සටහන තබමින් එන්.ඒ.පියදාස විදුහල්පතිවරයා තම රාජකාරිය 1919 ඔක්තෝම්බර් 01 වන දින පැමිණ වැඩ බාරගත් බව දක්වා ඇත.එමෙන්ම යූ.කේ.චාලට්  ද සිල්වා ගුරු මහත්මිය 1919 නොවැම්බර් මස සිට මෙම විදුහලට පත්වූ බව දක්වා ඇත.

            මේ අනුව පෙනී යන්නේ 1919 ඔක්තෝම්බර් 01 වන දින මෙම විදුහල ආරම්භ කළ බවත් මුලින්ම විදුහල්පතිවරයා සහ ගුරු මහත්මියක පමණක් මෙහි සේවය කොට ඇති අතර සිසුන් 100කට වඩා සිටි බවත් දැක්විය හැකිය.

            1922 පමණ වන විට විදුහලට ස්ථිර ගොඩනැගිල්ලක් තිබූ බවද පෙනේ.එහෙත් ළිඳක් සහ ආරක්ෂිත වැටක් තිබී නැත.සිසුන් 140ක් මේ වන විට සිට ඇත. පාසලේ අධ්‍යාපන මූලාශ්‍ර වන ලොග් සටහන් පොත් 1920.02.26 දින සිට 1937.01.13 දක්වාද ඉන් පසු 1960 දෙවන මාසයේ සිට මේ දක්වාද ඇතත් 1937-1960 දක්වා වූ ලොග් සටහන් පොත් පාසල තුළ සුරක්ෂිත වී නොමැත.ඒ අනුව එම කාලය තුළ සිදුවූ දෑ පිළිබඳ කරුණු සෙවීම අසීරු වී ඇත.තිබෙන සාධක ඇසුරින් දත්ත රැස් කිරීමට සිදුවී තිබේ.

            ඒ අනුව මේවන විට විදුහල්පතිවරැන් 16 දෙනෙකුගේ සේවය විදුහලට ලැබී ඇත.විවිධ වකවානුවලදී පාසල පරිහානියේ ලකුණු පෙන්වා ඇතත් බොහෝ විදුහල්පතිවරුන් යටතේ විදුහල දියුණුව කරා පියනගා ඇත. ඒ අතරින් 1968.11.01 දින පත්වූ යූ.පී.ඒකනායක විදුහල්පතිවරයාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.මොහුගේ කාලය වන විට සිසුන් 458ක් හා ගුරු භවතුන් 12ක් සිට ඇත.සෑම අතින්ම නිර්මාණශීලී විදුහල්පතිවරයකු වූ බව උසස් නිළධාරීන් තබන ලද ලොග් සටහන් පොත් වලින් පෙනී යයි.(1968.07.10)වසරේ සිට මේ දක්වා කිසිදු නිවාඩුවක් නොගත් බවද එහි සඳහන් කොට ඇත.පන්ති අධීක්ෂණය,අධ්‍යාපන චාරිකා,ක්‍රමවත් කාර්යාලයක්,වැඩ පැවරීම් වැනි අංග රාශියක් මෙතුමාගේ කාලය තුළ තිබී ඇත.1971 වසර වන විට මෙහි සිසුන් 537 සිට ඇත.(1971.11.17)1972 ශිෂ්‍යත්ව  විභාගයට පෙනී සිටි සිසුන් දෙදෙනාගෙන් එක් අයකු සමත්වී ඇත.

            1981 වන විට සිසුන් 665 සහ ගුරු භවතුන් 19 ක් සිට ඇත පාසලේ ඉතිහාසය පිළිබද විමසන විට සිසු දරු දැරියන්ගේ අධ්‍යාපනික දියුණුවට අවශ්‍ය වැඩ සටහන් උත්සව සැමරුම් දින මෙන්ම පරිසර හිතකාමී පිරිසක් බිහි කිරීමට පාසලේ භෞතික පරිශය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති රාශියක්ද එක් එක් කාල සීමා තුලදී විදුහල්පතිතුමන් හා විදුහල්පතිතුමියන්ලා මෙන්ම වගකීම් හා වගවීම් රැසක් සිදුකර තිබේ. එමෙන්ම ගුරු  සිසු ප්‍රජා සහයෝගය ද ලබමින් මෙම පාසල් ඉතිහාසය වරින්වර දීප්තිමත් වෙමින් රටට දැයට හිතකාමී දරුවන් බිහිකරමින් වර්තමානය කරා පියනගා ඇත.

2019 ඔක්තෝම්ර් මස 01 දිනට යෙදුන සියවස වෙනුවෙන් අභිමානවත් උත්සවයක් පවත්වා පාසලේ වර්ථමාන අභිමානය විදහා පාන ලදි.

            2020 වර්ෂය පාසලේ විභාග ප්‍රතිඵල ප්‍රතිශතය අතින් ඉහලම (89%) අගය ලබා දුන්නත් 2019 වර්ෂය ප්‍රමාණය අතින් ඉහලම සමත් සංඛ්‍යාව ලබා දෙන ලදී. සිසුන් 34න් 25ක් විභාගය සමත් වු අතර ගණිතය සහිතව සිසුන් 18 ක් සමත් විම මෙම පාසලේ ඉතිහාසයේ ප්‍රමාණය අනුව හොදම ප්‍රතිඵලය ලෙස සදහන් කල හැකිය.

 

ආරම්භ කළ වර්ෂය

1920 පෙබරවාරි 26

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

100

මුල් ගුරුතුමාගේ නම

එන්. ඒ. පියදාස මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

මාර/හේනේගම කණිටු විදුහල

පාසල භාරව කටයුතු කිරීම

එන්. ඒ. පියදාස මහතා

පාසල රජයට පවරාගත් දිනය

1965-1968 කාල සීමාව තුල

පාසල පැවැත්වූ ස්ථානය

හේනේගම,අකුරැස්ස.

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1940 දෙසැම්බර් 10 දින

 

Henegama K.V.

මාර/හේනේගම කනිෂ්ඨ විද්‍යාලය

අකුරැස්ස කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය හේනෙගම, අකුරැස්ස
  • දුරකථන(+94) 41-2285650

Supported By

© 2026 Henegama K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk