පාසලේ ඉතිහාසය පරික්ෂා කිරීමේදී මූලාශ්‍ර ලෙස ලොග් සටහන් පොත සඳහා හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි.ඒ අනුව 1920 පෙබරවාරි 26 දින ප්‍රථම සටහන තබමින් එන්.ඒ.පියදාස විදුහල්පතිවරයා තම රාජකාරිය 1919 ඔක්තෝම්බර් 01 වන දින පැමිණ වැඩ බාරගත් බව දක්වා ඇත.එමෙන්ම යූ.කේ.චාලට් ද සිල්වා ගුරු මහත්මිය 1919 නොවැම්බර් මස සිට මෙම විදුහලට පත්වූ බව දක්වා ඇත.