නියෝජ්‍ය විදුහල්පති හිමියනිගේ පණිවිඩය
මාර/හේනෙගම කණිෂ්ඨ විද්‍යාලය

අකුරැස්ස කලාපයේ මාර හේනේගම කනිෂ්ඨ විද්‍යාලය සඳහා අන්තර්ජාල පහසුකම්(වෙබ් අඩවියක් )ආරම්භ කිරීම වෙනුවෙන් සුභාසිංශන පණිවිඩයක් ලබා දීමට හැකි වීම පිළිබඳ මා බෙහෙවින් සතුටු වෙමි
ග්‍රාමීය පාසලක අවම පහසුකම් සහිත ව ඉගනුම් ලබන දූදරුවන් වෙනුවෙන් මෙවැනි අන්තර්ජාල පහසුකමක් සලසා දීම ඉතා වැදගත් වේ. නූතන තාක්ෂණික ලොව පියනැගීමට නව සොයා ගැනීම් ඔස්සේ විශ්ව දැනුමෙන් සන්නද්ධ වීමට මේ මගින් ඔවුන්ට මනා පිටුබලයක් ලැබේ යයි මාගේ විශ්වාසයයි. ගමේන් ලොවට ලොවෙන් දැනුම තුළින් අනාගත ලෝකය ජය ගන්නට අප පාසලේ සියලු සිසු දරු දැරියන්ට භාග්‍ය හා වාසනාව උදාවේවායි ප්‍රාර්ථනා කරමින්, මේ වෙනුවෙන් අපමණ වෙහෙසක් දැරූ විදුහල්පති තුමන්ට හා තාක්ෂණික විෂය බාර ආචාරිණී එල්.ඒ ප්‍රදීපා හේමාලි මහත්මියටත් මාගේ හෘදයාංගම ස්තුතිය හා ප්‍රණාමය පිරි නමමි.
නියෝජ්්‍ය විදුහල්පති හිමියන්
හේනෙගම මංගල හිමි