මාර/හේනේගම කණිටු විදුහල තුල විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන් ජේ.එල්ත.ඒ කාන්ති මියගේ ප්‍රධානත්වයෙන් මෙම සංසදය පවත්වාගෙන යනු ලබයි. බාලදක්ෂ ව්‍යාපාරය තුලන් සිසු සිසුවියන්ගේ මානසික, ශාරීරික සහ ආධ්‍යාත්මික සංවර්ධනය මෙන්ම නිර්මාණාත්මක පුද්ගල වර්ධනයට අතදීම ආරම්භක අරමුණ සේ පවත්වාගෙන යනු ලබයි.
බාලදක්ෂ ක්‍රමය පොදු වශයෙන් ගොඩ නැගීමේදී බාලදක්ෂයන් කුඩා කණ්ඩායම් වශයෙන් එකට එකතු වී තම තමන්ගේ අත්දැකීම්, ආගම් සහ ක්‍රියාකාරකම් බෙදාහදා ගැනීම මගින්, යහපත් පුරවැසියන් බිහි කිරීමත්, නිවරදි තීරණ ගත හැකි පුද්ගලයන් බවට පත් කරලීමත් අපේක්ෂා කෙරේ.
ප්‍රධාන අංගයක් ලෙස ආදරය බෙදාහැරීම, එළිමහන් ක්‍රියාකාරකම් කිරීම සැලකිය හැකිය. ප්‍රධාන ක්‍රියාකාරකම් අතර කදවුරු බැදීම, වනවිද්‍යාව, ජල ක්‍රිඩා, පාගමන් සහ ක්‍රීඩා සමන්ව්ත වේ. කදවුරු බැදීම කාණ්ඩ වශයෙන් බොහෝවිට සංවිධානය වුවද සමාසික හා ජම්බෝරි ලෙසද සංවිධනය කෙරේ. කදවුරු බැදීම වසරකට කිහිප වතාවක් සති අන්තයේදී ප්‍රාදේශීය කාණ්ඩ හෝ කලාපීය කාණ්ඩ කිහිපයක් එකට එකතු වී පවතවාගෙන යාමට තීරණය කර ඇත. මෙවැනි උත්සව වලදී එහි යොදා ගන්නා තේමාවට අනුකූලව නොයෙකුත් ක්‍රියාකාරකම් රාශියක් බාලදක්ෂයින් අතර පවත්වයි.
